ඉදිරි වසර පහ ඇතුළත මෙරට අධ්‍යාපන පද්ධතියේ විධිමත් ප්රතිසංස්කරණයක් සිදු කිරීමට රජය බලාපොරොත්තු වන බවත්, ඒ අනුව සිසුන් 50කට වඩා අඩු සංඛ්‍යාවක් සිටින පාසල් තවදුරටත් පවත්වාගෙන යාම යෝග්‍ය නොවන බවත් වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසයි.
උත්සව සභාවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ රටේ ආර්ථිකය ශක්තිමත් නොමැතිව දිගුකාලීන සංවර්ධනයක් කරා යා නොහැකි බවයි. පවතින සීමිත සම්පත් වඩාත් ඵලදායී ලෙස කළමනාකරණය කරමින් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම රජයේ ප්‍රධාන අරමුණ බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.














