පේරු රාජ්‍යයේ ඇන්දේස් කලාපයේ සිදුවූ රිච්ටර් මාපක 5.5ක ප්‍රබල භූකම්පනයකින් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී 30කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ. තවත් පිරිසක් අතුරුදන් වී ඇති අතර 500කට ආසන්න පිරිසක් අවතැන් වී සිටින බව එරට බලධාරීහු පවසති.
මෙම භූකම්පනය හේතුවෙන් නිවාස සහ ගොඩනැඟිලි රැසකට හානි සිදුව ඇති අතර, 16 වැනි සියවසට අයත් ඓතිහාසික ‘සන්තියාගෝ ඩි ලියොන්’ දේවස්ථානය ඇතුළු ජාතික උරුමයන් කිහිපයක්ද විනාශ වී ඇත. පැසිෆික් සාගරයේ ‘ගිනි වළල්ල’ (Ring of Fire) කලාපයේ පිහිටා තිබීම හේතුවෙන් පේරු රාජ්‍යය මෙලෙස නිරන්තරයෙන් භූකම්පනවලට ගොදුරු වේ.
















