අමෙරිකා එක්සත් ජනපදයේ 250 වැනි නිදහස් සංවත්සරය වෙනුවෙන් වොෂින්ටන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් ප්‍රකාශයට පත් කරන ලද “ශ්‍රී ලංකා-අමෙරිකා සමරු ග්‍රන්ථයේ” (Coffee Table Book) පළමු මුද්‍රිත පිටපත එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු භාර ලේකම් ඇලිසන් හූකර් මහත්මිය වෙත පිළිගන්වා තිබේ. එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා විසින් මෙම පිළිගැන්වීම සිදු කර ඇත.
දෙරට අතර පවතින ඓතිහාසික සබඳතා, සමාජ-ආර්ථික සංවර්ධනයට අමෙරිකාවෙන් ලැබුණු සහයෝගය සහ වැදගත් සන්ධිස්ථාන අඩංගු මෙම ග්‍රන්ථය නුදුරේදීම සිංහල සහ දෙමළ භාෂාවලටද පරිවර්තනය කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාවේ JAAF-SL සංවිධානය අනුග්‍රහය දක්වා තිබේ.
















