2026 ෆීෆා පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අර්ජන්ටිනාව 1-0ක් ලෙස පරාජය කරමින් දෙවැනි වරටත් ලෝක ශූරතාව දිනාගත් ස්පාඤ්ඤ ජාතික පාපන්දු කණ්ඩායම පිළිගැනීමේ දැවැන්ත සැමරුම් පෙළපාලියක් මැඩ්රිඩ් නුවරදී පැවැත්විණි.
‘ලොව රජවරු’ (Kings of the World) යන තේමාව සහිත විවෘත බස් රථයක නැඟී පැමිණි ක්‍රීඩකයන්ට සුබ පැතීම සඳහා ලක්ෂ 20කට ආසන්න (මිලියන 2ක) පාපන්දු ලෝලීන් පිරිසක් මැඩ්රිඩ් වීදි දෙපස රැස්ව සිටියහ. මෙම විජයග්‍රාහී පෙළපාලියට ප්‍රථම ස්පාඤ්ඤයේ ෆිලිප් රජතුමා (King Felipe) සහ අගමැති පෙඩ්රෝ සංචෙස් (Pedro Sanchez) විසින් ක්‍රීඩකයන් හමුවී සිය උණුසුම් සුබපැතුම් පිරිනමන ලදී.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















