පෙර පාසල් ක්ෂේත්රය රජය වගකියන, නිශ්චිත වෘත්තීය රාමුවක් සහිත ‘සංවෘත සේවාවක්’ (Closed Service) බවට පත්කිරීමට අවශ්‍ය සියලු කටයුතු යොදමින් සිටින බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසයි.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවැති “මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතියේ” තෙවැනි දින වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. දිවයින පුරා පෙර පාසල් ගුරුවරුන් සහ රැකබලාගන්නන් 600 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැති මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූයේ මුල් ළමාවිය සංවර්ධන ක්ෂේත්රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමයි.
















