පාර්ලිමේන්තුව අද (21) පෙ.ව 9.30ට රැස්වීමට නියමිත අතර, පෙ.ව 9.30 සිට 10.00 දක්වා පාර්ලිමේන්තු කටයුතු සඳහා ද, පෙ.ව 10.00 සිට 11.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සඳහා ද, පෙ.ව. 11.00 සිට 11.30 දක්වා ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්රශ්න සඳහා ද කාලය වෙන් කර තිබේ.
අනතුරුව පෙ.ව 11.30 සිට ප.ව 2.30 දක්වා කාලය තුළ විදේශ රැකියාවල නියුතු ශ්රී ලාංකිකයන්ට විද්යුත් වාහන ආනයන බලපත්ර ලබාදීමේ යෝජනා ක්රමය සම්බන්ධ COPA වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීම පිළිබඳව සහ COPE විමර්ශන වාර්තා අල්ලස් හෝ දූෂණ කොමිසමට යොමු කිරීම සම්බන්ධයෙන් වන තීරණ දෙක අනුමත කර ගැනීම සඳහා විවාදයට ගැනීමට නියමිතය. තවද, ප.ව 2.30 සිට 5.30 දක්වා මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ කාර්ය සාධනය පිළිබඳ සභාව කල්තැබීමේ යෝජනාව ද විවාදයට ගැනේ.














