පාස්කු ඉරිදා එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය පිටුපස ඇති සැබෑ කුමන්ත්‍රණය දැන් හෙළිදරව් වෙමින් පවතින බැවින්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ‘පාස්කු යුක්ති සටනේ ජනතා සාමුහිකයේ’ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා අවධාරණය කරයි. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් මෙම කුමන්ත්‍රණය සම්බන්ධයෙන් තීරණාත්මක සාක්ෂි ලබා දී ඇති බවයි.
ජාතික ආරක්ෂාව තහවුරු කරන බව පවසමින් ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වූයේ පාස්කු ප්‍රහාරය දඩමීමා කරගෙන බවත්, එය සැලසුම් සහගත දේශපාලන කුමන්ත්‍රණයක් බවත් හෙතෙම පෙන්වා දුන්නේය. වත්මන් රජය සහ ජනාධිපතිවරයා මෙම පරීක්ෂණ තවදුරටත් ප්‍රමාද නොකර, වහාම ක්‍රියාත්මක වී වැරදිකරුවන්ට දඬුවම් ලබා දෙන ලෙස ඔහු මෙහිදී වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
















