‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් දෙමව්පියන් අහිමි වූ දරුවන් රැකබලා ගැනීම සඳහා වෙන් කෙරුණු මාසික දීමනාව කිසිදු ප්‍රමාදයකින් තොරව කඩිනමින් ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට දැඩිව උපදෙස් ලබාදී තිබේ.
අපදා තත්ත්වයන් නිසා අසරණ වූ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සහ ඔවුන්ගේ දෛනික අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.














