පොදු ප්‍රවාහන සේවා බස් රථ ඇතුළු සියලු වාහනවල තත්ත්වය පරීක්ෂා කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික කවුන්සිලයේ සභාපති මංජුල කුලරත්න මහතා පවසයි.
පොදු ප්‍රවාහන රිය අනතුරුවලට ප්‍රධාන හේතුව වී ඇත්තේ රියදුරන්ගේ නොසැලකිල්ල සහ වාහනවල පවතින විවිධ දුර්වලතා බව ඒ මහතා පෙන්වා දෙයි. මෙම තත්ත්ව පරීක්ෂාව සඳහා සුදුසුකම් ලත් තාක්ෂණික නිලධාරීන් බඳවා ගැනීමට මේ වන විට අයදුම්පත් කැඳවා ඇති අතර, එම බඳවා ගැනීම්වලින් අනතුරුව සැප්තැම්බර් අග වන විට අදාළ ක්‍රියාවලිය ආරම්භ කිරීමට අපේක්ෂා කරයි.














