ඌව පළාතේ දීර්ඝ කාලයක සිට ඉඩම් බලපත්‍ර නොමැතිව ඉඩම් භුක්ති විඳිමින් සිටි ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන ඉඩම් බලපත්‍ර 10,000ක් ප්‍රදානය කිරීමේ මහා වැඩසටහන යටතේ ජනතාව වෙත ඉඩම් බලපත්‍ර ලබාදීම සාර්ථකව සිදු කෙරෙමින් පවතී.
ඒ අනුව මෙම වැඩසටහන යටතේ, පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 143 දෙනෙකුට හා ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 211 දෙනෙකුට ඉඩම් බලපත්‍ර ප්‍රදානය කිරීම පසුගියදා පස්සර ප්‍රාදේශීය සභා ශාලාවේදී සිදු කෙරිණි.














