විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක “රටම එකට ජාතික මෙහෙයුම” වැඩසටහනෙහි ගම්පහ දිස්ත්‍රික් මෙහෙයුම් සභා රැස්වීම 3 වන වරටත් පසුගිය සිකුරාදා (17) පස්වරුවේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පවත්වා ඇති අතර, දිස්ත්‍රික්කය තුළ මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇත.














