තම නිවසේ ඇති කරන ලද කුකුළකු මරා ආහාරයට ගැනීම හේතුවෙන් ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන්, පුත්රයෙකු විසින් කළ පිහි පහරින් බරපතළ තුවාල ලැබූ පියෙකු රෝහල්ගත කර තිබේ.
ලිදුල පොලිස් බලපදේශයේ මවුස්ඇල්ල වතුයායේ උඩ කොටසේ මෙම සිදුවීම සිදුව ඇති අතර, නිවසේ ඇති කළ කුකුළකු 65 හැවිරිදි පියා විසින් මස් කර ආහාරයට ගැනීමෙන් කෝපයට පත් පුතා විසින් නිවසේ තිබූ පිහියකින් පියාට පහර දී ඇත. බරපතළ තුවාල ලැබූ පියා මුලින් ලිදුල ප්රාදේශීය රෝහලට සහ පසුව වැඩිදුර ප්රතිකාර සඳහා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, සැකකාර පුතා ප්රදේශයෙන් පලාගොස් ඇති බව පොලිසිය පවසයි.
















