මුදල් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරනු ලැබ තිබේ.
ඒ අනුව, කොමිෂන් සභාවේ සභාපති සහ සාමාජිකයකු ලෙස එන්. ආර්. අනීස් මහත්මිය පත් කර ඇති අතර, සෙසු සාමාජිකයන් ලෙස ජේ. එම්. සී. ජේ. විජේතුංග සහ කේ. කරුණාහරන් යන මහත්ම මහත්මීහු පත්ව ඇත. ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී භාරදෙන ලදී.
















