2025 වසරේ ඇති වූ දරුණු ආපදා තත්ත්වයන් හේතුවෙන් බලපෑමට ලක් වූ මෙරට පශු සම්පත් ක්ෂේත්‍රය යළි නඟාසිටුවීම සහ කිරි ගොවීන්ගේ ජීවනෝපාය මාර්ග යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් විශේෂ කඩිනම් ප්‍රතිසාධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබේ.
ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන ‘ඒකාබද්ධ රුබන් සංවර්ධන සහ දේශගුණික ඔරොත්තු දීමේ ව්‍යාපෘතියේ’ හදිසි ආපදා ප්‍රතිචාර සංරචකය හරහා මෙම ව්‍යාපෘතිය මූල්‍යකරණය වන අතර, කිරි ගවයන්ට අවශ්‍ය සාන්ද්‍ර ආහාර සැපයීම, වසංගත රෝග පාලනය සඳහා එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ හානි වූ යටිතල පහසුකම් යළි සංවර්ධනය කිරීම මෙහි ප්‍රධාන අරමුණු වේ.
















