ජාතික හා පළාත් පාසල්වල ශ්රී ලංකා ගුරු සේවයේ නිලධාරීන් සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය වෙනුවෙන් අයදුම්පත් කැඳවන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
අදාළ ගැසට් නිවේදනය ජූලි 17 වැනි දින ප්රකාශයට පත් කර ඇති අතර, මාර්ගගත ක්රමවේදය හරහා ජූලි 20 වැනි දින සිට අගෝස්තු 10 වැනි දින දක්වා විභාගය සඳහා අයදුම්පත් භාරගැනීම සිදුකෙරේ. 2026 සැප්තැම්බර් මාසයේදී මෙම විභාගය පැවැත්වීමට නියමිතය.
















