පශ්චාත් උපාධි වෛද්‍ය විද්‍යා ආයතනය (PGIM) විසින් නිකුත් කරන ලද නව චක්‍රලේකයක් හේතුවෙන් මෙරට විශේෂඥ වෛද්‍ය සේවාවන්හි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් බරපතළ අවිනිශ්චිතතාවක් මතුව තිබේ.
පූර්ණ විශේෂඥ මණ්ඩල සහතිකපත්‍රය තවම ලබාගෙන නොමැති වුවද, විශේෂඥ පුහුණුව අවසන් කර ඇති වැඩ බලන විශේෂඥ වෛද්‍යවරුන්ට ස්වාධීනව රෝගීන් පරීක්ෂා කිරීමට, සායනික තීරණ ගැනීමට හෝ වෛද්‍ය නිර්දේශ නිකුත් කිරීමට නොහැකි බව අදාළ චක්‍රලේකයේ සඳහන් වේ. වෛද්‍යවරුන්ගේ වෙළඳ සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙන්නේ, දැනටමත් රෝහල්වල පවතින විශේෂඥ වෛද්‍ය හිඟය හමුවේ මෙම නියෝගය හරහා රෝගී සත්කාරක සේවාවන්ට බරපතළ බාධාවක් එල්ල වී ඇති බවයි.
















