හෝමාගම කටුවාන කර්මාන්ත පුරයේ හෙල්මට් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීම් රථ යොදවා තිබේ.
ඒ අනුව, ගින්න පාලනය කිරීම සඳහා කෝට්ටේ සහ දෙහිවල නගර සභාවලින් ගිනි නිවන රථ 6ක් මේ වන විට යොදවා ඇති බව ගිනි නිවීමේ ඒකකය පවසන අතර, ගින්න හේතුවෙන් එම ප්‍රදේශයම කළු දුමාරයෙන් වැසී ඇති බව ප්‍රදේශවාසීන් සඳහන් කරයි.















