සඳුදාට සාපේක්ෂව අද (21) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු හරහා ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබේ.
බොහෝ බැංකු වල ඩොලරයක විකුණුම් අනුපාතය රු. 340 සීමාවේ පවතින අතර, සෙලාන් බැංකුවට අනුව ඩොලරයක ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙළින් රු. 331.75 ක් සහ රු. 341.00 ක් ලෙස නොවෙනස්ව පවතී. NDB බැංකුවේ ද ඩොලර් ගැනුම් අනුපාතිකය රු. 331.75 ක් ලෙස සටහන් වී ඇත.
















