දකුණු වියට්නාමයේ අද (21) අලුයම ධාවනය වෙමින් තිබූ බස් රථයක හදිසියේ හටගත් ගින්නක් හේතුවෙන් බස් රථය තුළම සිරවී මගීන් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
‘ලෑම් ඩොං’ (Lam Dong) ප්‍රාන්තයේ සිට ‘හෝ චි මිං’ (Ho Chi Minh) නගරය බලා ධාවනය වෙමින් තිබූ ආසන 24 කින් යුත් බස් රථයක මෙම අනතුර සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.
















