යාපනය – මහනුවර (A9) ප්රධාන මාර්ගයේ මරදන්කඩවල මිදිවත්ත ප්රදේශයේදී සුඛෝපභෝගී මගී බස් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
කොළඹ සිට වවුනියාව බලා ධාවනය වෙමින් තිබූ මෙම සුඛෝපභෝගී බස් රථය, ඊට ඉදිරියෙන් ගමන් කරමින් මාර්ගයේ දකුණු පසට හැරවීමට උත්සාහ කළ ලොරි රථයක පිටුපස බඳෙහි ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.
















