යුද්ධ අපරාධ චෝදනා මත ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙටන්යාහු නිව්යෝර්ක් නගරයට පැමිණියහොත් ඔහුව අත්අඩංගුවට ගන්නා බවට නිව්යෝර්ක් නගරාධිපති සෝරාන් මම්දානි (Zohran Mamdani) කළ අනතුරු ඇඟවීම එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.
නෙටන්යාහු එක්සත් ජනපදය තුළ සිටින කිසිදු අවස්ථාවක ඔහුව කිසිදු ආකාරයකින් අත්අඩංගුවට ගැනීමට ඉඩ නොදෙන බව ට්‍රම්ප් අවධාරණය කර ඇත. එළඹෙන සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය සඳහා නෙටන්යාහු පැමිණීමට නියමිත පසුබිමක් තුළ මෙම තත්ත්වය හටගෙන තිබේ.
















