‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්යසාධක බලකාය යටතේ පිහිටුවා ඇති අනුකමිටුව, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් 5වන වරටත් රැස්ව තිබේ.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් අධ්‍යාපන, සෞඛ්‍ය, සංස්කෘතික හා පොදු පහසුකම් වැනි සමාජ යටිතල පහසුකම් නැවත ගොඩනැඟීමේ ප්‍රගතිය මෙහිදී සාකච්ඡාවට ලක් කර ඇති අතර, ප්‍රතිසංස්කරණ කටයුතුවලදී පැන නැඟී ඇති ගැටලු කඩිනමින් විසඳීම සඳහා අවශ්‍ය පියවර ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇත.
















