දකුණු ඇමරිකානු රටක් වන ගයානාවේ (Guyana) වෙරළට ඔබ්බෙන් මගී ප්‍රවාහන බෝට්ටුවක් පෙරළී යාමෙන් පුද්ගලයන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
‘එම්.වී. බැරිමා’ (MV Barima) නම් මෙම බෝට්ටුවේ ගමන් කළ තවත් 83 දෙනෙකු අතුරුදන්ව ඇති බව එරට අග්‍රාමාත්‍ය මාර්ක් පිලිප්ස් ප්‍රකාශ කර ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේ එහි 179 දෙනෙකු ගමන් කර ඇත. විශාල රල පහරක් වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, බෝට්ටුවේ කපිතාන්වරයා සහ කාර්ය මණ්ඩල සේවකයෙකු මත්ද්‍රව්‍ය භාවිතා කර සිටි බවට තහවුරු වීම හේතුවෙන් ඔවුන් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
















