මාතර, එළියකන්ද පාරේ පොල් ඉඩමක් මිලදී ගැනීමේ නඩුවට අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබූ වරෙන්තුව මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් චතුර දිසානායක මහතා විසින් අද (21) නැවතත් දීර්ඝ කර තිබේ.
මෙම නඩුවට ඔහු දෙවන වරටත් පෙනී නොසිටීම නිසා මෙම නියෝගය කර ඇති අතර, සැකකාර හිටපු අමාත්‍යවරයාගේ ඇපකරුවන් සිව්දෙනාට දැඩි ලෙස අවවාද කර ඇති මහෙස්ත්‍රාත්වරයා, ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කරවන ලෙසත් එසේ නොවන්නේ නම් ඇප මුදල් රාජසන්තක නොකිරීමට හේතු දක්වන ලෙසත් නියෝග කර ඇත.
















