ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නගරාන්තර සහ දුරගමන් සේවා සඳහා මීට පෙර මිලදී ගැනීමට සැලසුම් කර තිබූ සම්මත (Standard) මාදිලියේ බස් රථ 600 වෙනුවට, වඩාත් සුවපහසු වායුසමනය කළ (Deluxe මාදිලියේ) නව බස් රථ 600ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
2026 වර්ෂයේ රජයේ ආයෝජන වැඩසටහන යටතේ ආසන 49ත් 54ත් අතර ප්‍රමාණයකින් සමන්විත මෙම බස් රථ මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 14,400ක අයවැය ප්‍රතිපාදන වෙන් කර ඇත. 2025-2026 මාර්ග ආරක්ෂණ සැලැස්ම යටතේ නගරාන්තර හා දුරගමන් සේවා සඳහා මෙම වායුසමනය කළ බස් රථ යෙදවීම වඩාත් සුදුසු බවට හඳුනාගෙන ඇති අතර, වැඩබලන ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය ලැබී ඇත.
















