විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ දැමීම තුළින් රජය බලාපොරොත්තු වන්නේ අධිකරණවල ගොඩගැසී ඇති නඩු කටයුතු ඉක්මනින් අවසන් කර ජනතාවට අධිකරණය සහ නීතිය කෙරෙහි ඇති විශ්වාසය තහවුරු කිරීම බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද (21) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ සිට මහේස්ත්‍රාත් අධිකරණවල විනිසුරුවන් දක්වා වයස වැඩි කිරීම සම්බන්ධයෙන් යෝජනා ලැබී ඇති බවත්, නඩු කටයුතු ඉක්මන් කිරීම සඳහා විනිසුරුවරුන් බඳවා ගැනීමට ද රජය කටයුතු කරමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
















