විදේශ රැකියා ක්ෂේත්රයේ වර්තමාන අවශ්‍යතා, ජාත්‍යන්තර ප්රමිතීන් සහ ජාතික ප්‍රමුඛතාවන්ට අනුගත වන නව නීතිමය රාමුවක් ස්ථාපිත කිරීමේ අරමුණින්, 1985 අංක 21 දරන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත වෙනුවට නව පනතක් හඳුන්වා දීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
වත්මන් ක්ෂේත්රයේ නව ප්රවණතා සහ ශ්‍රම වෙළෙඳපොළේ වෙනස්කම් සැලකිල්ලට ගනිමින්, පවතින නීතිමය හා ආයතනික රාමුව නවීකරණය කිරීමේ අවශ්‍යතාව මත මෙම පියවර ගෙන ඇත. ඒ අනුව, සකස් කරන ලද සංකල්ප පත්‍රිකාව මත පදනම්ව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකවරයාට උපදෙස් ලබාදීමට නියමිත අතර, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
















