ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) ක්ෂේත්‍රයේ වෘත්තිකයන් සඳහා වරලත් වෘත්තීය ආයතනයක් ස්ථාපිත කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා වරලත් පරිගණක ආයතනය (Chartered Institute of Computing of Sri Lanka) සංස්ථාපනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය හිමිව තිබේ.
1976 වර්ෂයේදී පිහිටුවන ලද ශ්‍රී ලංකා පරිගණක සංගමය (CSSL) මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තිකයන් නියෝජනය කරන ප්‍රමුඛතම සංවිධානය වන අතර, අනෙකුත් වරලත් වෘත්තීය ආයතනවලට සමාන නීතිමය සහ වෘත්තීය පිළිගැනීමක් ලබාදීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත. ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගනිමින්, අදාළ පනත් කෙටුම්පත සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකවරයාට උපදෙස් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
















