මහනුවර ඇසළ පෙරහැරට අදාළ ඓතිහාසික, සංස්කෘතික හා සම්ප්‍රදායික බුද්ධිමය දේපළ හිමිකම් ආරක්ෂා කිරීමේ ව්‍යාපෘති යෝජනාවක් සකස් කර ලෝක බුද්ධිමය දේපළ සංවිධානය (WIPO) වෙත ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ ව්‍යාපෘතියක් යටතේ මෙම පියවර ගෙන ඇති අතර, ප්‍රකාශන හිමිකම් ආරක්ෂාව, වෙළෙඳ ලකුණු සහ සන්නාමකරණය කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් පෙරහැරේ අනන්‍යතාව ආරක්ෂා කිරීම මෙහි අරමුණයි. මේ සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය සහ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගේ සම-සභාපතිත්වයෙන් යුත් අදාළ පාර්ශ්ව නියෝජනය වන කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
















