2007 අංක 54 දරන ඖෂධවලට ඇබ්බැහි තැනැත්තන් (ප්‍රතිකාර හා පුනරුත්ථාපනය) පිළිබඳ පනත සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය හිමිව තිබේ.
මත්ද්‍රව්‍ය මත යැපෙන පුද්ගලයන්ට ප්‍රතිකාර, පුනරුත්ථාපනය සහ පසු රැකවරණය ලබාදීම සඳහා මෙම පනතින් නීතිමය රාමුවක් සලසා දී ඇති අතර, රට තුළ මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීමේ රජයේ ප්‍රතිපත්තිය යටතේ විධිමත් ප්‍රතිකාර හා පුනරුත්ථාපන යාන්ත්‍රණයක් ශක්තිමත් කිරීම සඳහා මෙම සංශෝධන හඳුන්වා දීමට නියමිතය. මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අනුව, අදාළ පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකවරයාට උපදෙස් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.
















