2006 අංක 6 දරන මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19(1) සහ 19(2) වගන්ති යටතේ, ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය විසින් 2025 ඔක්තෝබර් මස සිට 2026 මාර්තු මස දක්වා වූ කාලපරිච්ඡේදය තුළ වාර්තාකරණ ආයතනවල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා සමස්ත රුපියල් ලක්ෂ එකසිය හතළිස් හයක (රු. 14,600,000.00) දණ්ඩන මුදලක් අය කර ඒකාබද්ධ අරමුදලට බැර කර ඇත. මෙම කාලසීමාව තුළ ඉන්දීය ඔවර්සීස් බැංකුව (Indian Overseas Bank) වෙතද 2026.01.05 දිනැතිව රුපියල් 1,000,000.00 ක (රුපියල් මිලියනයක) පරිපාලනමය දණ්ඩනයක් පනවා තිබේ. පැන්ත පරීක්ෂණයේදී සිදු කළ නියැදි පරීක්ෂාවකින් හමුවූ, රුපියල් මිලියනයක් හෝ එයට සමාන විදේශ මුදලකින් වූ මුදල් ප්‍රමාණයක් ඉක්මවන ගනුදෙනු දහතුනක් (13) නියමිත කාලපරිච්ඡේදය ඇතුළත මූල්‍ය බුද්ධි ඒකකය වෙත වාර්තා කිරීමට අපොහොසත් වීම.
විදුත් දේශණ සිදු කිරීමේදී, 1968 අංක 45 දරන එක්සත් ජාතීන්ගේ පනතට අනුව සකස් කර ඇති රෙගුලාසි යටතේ නිකුත් කරන ලද, නම් කරන ලද පුද්ගලයින්ගේ ලැයිස්තුවලට එරෙහිව සියලුම ගනුදෙනුකරුවන් සත්‍යාපනය කිරීමට අපොහොසත් වීම.
2012 අංක 1 දරන එක්සත් ජාතීන්ගේ නියෝග (UNSCR 1373) සහ 2012 අංක 2 දරන එක්සත් ජාතීන්ගේ නියෝග (UNSCR 1267) යටතේ ලැයිස්තුගත කර ඇති නම් කරන ලද තැනැත්තන්, කණ්ඩායම් සහ ආයතනවල යාවත්කාලීන වූ සම්පූර්ණ ලැයිස්තුවක් පවත්වාගෙන යාමට අපොහොසත් වීම.
iv. නම් කරන ලද පුද්ගලයින් හෝ ආයතන ලැයිස්තුව යාවත්කාලීන කිරීම සඳහා මූල්‍ය බුද්ධි ඒකකයෙන් දැනුම් දෙනු ලැබූ වහාම අදාළ පරීක්ෂණ පද්ධතිය යාවත්කාලීන නොකිරීම.
පද්ධති හා කාර්ය පටිපාටිවල ඉහත සඳහන් දුර්වලතා නිරීක්ෂණය වුවද, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාවන් යටතේ නම් කරන ලද තැනැත්තන්, කණ්ඩායම් සහ ආයතන සමඟ බැංකුව විසින් ව්‍යාපාරික සම්බන්ධතා පැවැත්වූ අවස්ථා පැන්ත පරීක්ෂණයේදී අනාවරණය වී නැත. මෙම අනුකූල නොවීම්, අවදානම් මත පදනම් වූ පැන්ත පරීක්ෂණයකදී හඳුනා ගන්නා ලදී.
















