2006 අංක 6 දරන මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19(1) සහ 19(2) වගන්ති යටතේ, ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය විසින් 2025 ඔක්තෝබර් මස සිට 2026 මාර්තු මස දක්වා වූ කාලපරිච්ඡේදය තුළ වාර්තාකරණ ආයතනවල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා සමස්ත රුපියල් ලක්ෂ එකසිය හතළිස් හයක (රු. 14,600,000.00) දණ්ඩන මුදලක් අය කර ඒකාබද්ධ අරමුදලට බැර කර ඇත. මෙම කාලසීමාව තුළ සේයිස් ප්‍රයිවට් ලිමිටඩ් (SAYS Private Limited) ආයතනය වෙතද 2025.11.19 දිනැතිව රුපියල් 100,000.00 ක (රුපියල් ලක්ෂයක) පරිපාලනමය දණ්ඩනයක් පනවා තිබේ. ත්‍රස්තවාදය සහ ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීම සහ සමූලඝාතක අවි ව්‍යාප්තිය සහ ඊට මුදල් සැපයීම සම්බන්ධයෙන් ඉලක්කගත මූල්‍ය සම්බාධක පැනවීමට අදාළව 1968 අංක 45 දරන එක්සත් ජාතීන්ගේ පනතට අනුකූලව, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා (UNSCRs) යටතේ නිකුත් කරන ලද කිසිදු නම් කරන ලද ලැයිස්තුවකට එරෙහිව ගනුදෙනුකරුවන් හෝ ප්‍රතිලාභීන් සත්‍යාපනය කිරීමට සමාගම අපොහොසත් වීම හේතුවෙන් මෙම පරිපාලනමය දණ්ඩනය පනවා ඇත.පද්ධති හා කාර්ය පටිපාටිවල ඉහත දුර්වලතා නිරීක්ෂණය වුවද, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාවන් යටතේ නම් කරන ලද තැනැත්තන්, කණ්ඩායම් සහ ආයතන සමඟ සමාගම ව්‍යාපාරික සම්බන්ධතා පැවැත්වූ අවස්ථා පැන්ත පරීක්ෂණයේදී අනාවරණය වී නැත. මෙම අනුකූල නොවීම්, අවදානම් මත පදනම් වූ පැන්ත පරීක්ෂණයකදී හඳුනා ගන්නා ලදී.
















