මුදල් විශුද්ධීකරණ පනත යටතේ දූෂණ චෝදනා එල්ල වී ඇති හිටපු අමාත්‍ය සී.බී. රත්නායක මහතාට එරෙහි නඩුව ලබන නොවැම්බර් 10 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කර තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ සැකකරුට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා ගොනු කිරීමට කටයුතු සූදානම් කරමින් පවතින බවයි. ක්‍රීඩා, පුද්ගලික ප්‍රවාහන හා පශු සම්පත් අමාත්‍යාංශවල සිදුවූ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මෙම නඩුව පවරා ඇති අතර, සැකකරු දැනට ඇප මත මුදාහැර ඇත.
















