මත්ද්‍රව්‍ය පරීක්ෂාවකට යැයි කියමින් මිරිස්ස මුහුදේ යාත්‍රා කරමින් තිබූ “ගිහාන් පුතා” නම් ධීවර යාත්‍රාව පරීක්ෂාවට ලක් කළ නාවික හමුදා නිලධාරීන් පිරිසක්, තමන්ව නිකරුණේ අත්අඩංගුවට ගෙන අමානුෂික අන්දමින් පහරදුන් බවට ධීවරයින් පිරිසක් චෝදනා කරති. මීට දින කිහිපයකට ඉහතදී මෙම සිදුවීම සිදුව ඇත.මුහුදේ යාත්‍රා කරමින් සිටියදී “පරාක්‍රමබාහු” නම් නාවික හමුදා යාත්‍රාවකින් පැමිණි නිලධාරීන් ධීවර යාත්‍රාව සිය භාරයට ගෙන මත්ද්‍රව්‍ය කොහේදැයි විමසා මෙම පහරදීම සිදු කර තිබේ. නාවික හමුදා නිලධාරියෙකු කිසියම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට දුරකතන ඇමතුමක් ලබා දී ඇති අතර, පසුව මෙම ධීවරයින් මිරිස්ස වරායට රැගෙන විත් වෙරළාරක්ෂක බලකා නිලධාරීන්ට බාර දී ඇත. එහිදීද ධීවරයින්ට පහර දී තිබේ.මෙම සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවට හෝ වෙනත් ආයතනයකට පැමිණිලි කළහොත්, දකුණේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලවා ඝාතනය කරවන බවටද නාවික හමුදා නිලධාරීන් විසින් තර්ජනය කර ඇති බව ධීවර ආරංචි මාර්ග පවසයි. මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන මුවාවෙන් ධීවර යාත්‍රාවලට සහ ධීවරයින්ට අයුතු ලෙස තර්ජන හා පහරදීම් සිදු කරන මෙම නිලධාරීන් සම්බන්ධයෙන් කඩිනම් සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ධීවරයින් ඉල්ලා සිටिති.
















