ඉදිරි සති තුනක කාලය සඳහාද ඩෙංගු අවදානම් මට්ටමේ පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම යම් පාලනයක් පෙන්නුම් කළද, අගෝස්තු මැද දක්වා වූ කාලය තවදුරටත් අවදානම් සහගත බවයි. දිස්ත්‍රික්ක 3ක් හැරුණු කොට අනෙකුත් ප්‍රදේශවල රෝගීන් වාර්තා වීම අඩුවෙමින් පැවතියද, පවතින වැසි සහිත කාලගුණයත් සමඟ පරිශ්‍ර පිරිසිදු කර ගැනීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කළ යුතු බව ඔහු අවධාරණය කළේය. ඩෙංගු මර්දන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සියලුම රාජ්‍ය ආයතන වෙත උපදෙස් ලබා දී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















