ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) දේශපාලන මණ්ඩල සාභික සහ යාපන දිස්ත්‍රික් සංවිධායක ජී. කැසිලිංගම් මහතා නවදිල්ලි නුවර පිහිටි භාරතීය ජනතා පක්ෂ (BJP) මූලස්ථානයේදී එරක්ෂයේ විදේශ කටයුතු දෙපාර්තමේන්තු භාරකරු ආචාර්ය විජේ චෞතායිවාලේ මහතා හමුවී තිබේ.
මෙම හමුවේදී දෙපාර්ශ්වය අතර දේශපාලන සබඳතා සහ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ගැඹුරු කිරීම පිළිබඳව සාකච්ඡා කර ඇති බව වාර්තා වේ. එමෙන්ම, බීජේපී ජාතික ප්‍රධාන ලේකම් මහාචාර්ය ආසීර්වාදම් ආචාරි මහතා ද මෙම අවස්ථාවට එක්වී ඇති අතර, ඉදිරියටත් දෙපාර්ශ්වය අතර අඛණ්ඩ සම්බන්ධතා පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බව කැසිලිංගම් මහතා ප්‍රකාශ කර තිබේ.














