කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අඛණ්ඩව තෙවන දිනයටත් පහළ යාමක් වාර්තා කළද, කාගිල්ස් (සිලෝන්) පීඑල්සී සමාගමේ කොටස් ගනුදෙනු හේතුවෙන් දෛනික පිරිවැටුමෙහි වාර්තාගත ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.
දිනය තුළ සමස්ත ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 3.27ක් ලෙස සටහන් වූ අතර, එයින් වැඩිම දායකත්වයක් ලබා දී ඇත්තේ කාගිල්ස් (සිලෝන්) සමාගමයි. එහි ගිවිසාගත් ගනුදෙනු (Crossings) ලෙස රු. බිලියන 2.26ක සහ සාමාන්‍ය වෙළෙඳපොළ ගනුදෙනු ලෙස රු. මිලියන 62ක් ලෙස සමස්තයක් ලෙස රු. බිලියන 2.88ක වටිනාකමකින් යුතු කොටස් ප්‍රමාණයක් හුවමාරු වී තිබේ. මීට අමතරව මෙල්ස්ටාකෝප් සමාගමෙන් ද රු. මිලියන 181ක පිරිවැටුම් දායකත්වයක් ලැබී ඇත.
ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 62.37කින් පහළ යමින් 21,145.73ක් ලෙස සටහන් වූ අතර, S&P SL20 දර්ශකය ඒකක 1.79කින් ඉහළ ගොස් ඒකක 5,945.01ක් ලෙස සටහන් විය.
















