දෙල්හි කැපිටල්ස් (Delhi Capitals) කණ්ඩායම නියෝජනය කරන ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක අභිෂේක් පොරෙල් (Abishek Porel) අත්අඩංගුවට ගන්නා ලෙස බටහිර බෙංගාලයේ කල්කටා මහාධිකරණය විසින් පොලීසියට නියෝග කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
විවාහ වන බවට පොරොන්දු වී රහසිගතව දර්ශන පටිගත කර තර්ජනය කළ බවට සහ ස්ත්‍රී දූෂණ චෝදනා සම්බන්ධයෙන් කාන්තාවක විසින් කරන ලද පැමිණිල්ලකට අදාළව මෙම නියෝගය නිකුත් කර ඇත. නඩුවට අදාළ සංවේදී දත්ත පැතිරීම වැළැක්වීම සහ විමර්ශන කටයුතු සඳහා ක්‍රීඩකයාගේ විද්‍යුත් උපාංග (Electronic devices) අත්අඩංගුවට ගන්නා ලෙසද අධිකරණය වැඩිදුරටත් නියෝග කර තිබේ. දැනට සැඟව සිටින අභිෂේක් පොරෙල් සෙවීමේ සහ අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් පොලීසිය විසින් සක්‍රීයව ක්‍රියාත්මක කරනු ලබයි.
















