ස්පාඤ්ඤයේ ආපනශාලා සහ බාර් (Bars) වල එළිමහන් පරිශ්‍රවල (Terraces) දුම්පානය තහනම් කිරීමටත්, Electronic සිගරට් (Vapes) ඇතුළු නවීන ධූම නිෂ්පාදන සාම්ප්‍රදායික සිගරට් මෙන්ම දැඩි ලෙස පාලනය කිරීමටත් එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නව පනත් කෙටුම්පතක් සූදානම් කර තිබේ.
ස්පාඤ්ඤ සෞඛ්‍ය අමාත්‍ය මොනිකා ගාර්සියා (Monica Garcia) මහත්මිය සඳහන් කළේ, ස්පාඤ්ඤයේ වසරකට දුම්පානය නිසා සිදුවන මරණ සංඛ්‍යාව 50,000ක් පමණ වන අතර, පිළිකා රෝගීන්ගෙන් 30%කටම දුම්පානය ඍජුවම බලපා ඇති බවයි.
නව යෝජිත නීති මඟින් මහජන ගොඩනැගිලි, ක්‍රීඩාංගන, පිහිනුම් තටාක, විශ්වවිද්‍යාල, පාසල් සහ රෝහල් දොරටුවල සිට මීටර් 15ක් ඇතුළත දුම්පානය තහනම් වන අතර, නිකොටින් සහිත හෝ නැති e-cigarettes, nicotine pouches, heated tobacco ඇතුළු සියලුම ආදේශක සඳහාද සාම්ප්‍රදායික සිගරට් සඳහා බලපවත්වන නීති ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීමට නියමිතය.
කෙසේ වෙතත්, මෙම පනත ස්පාඤ්ඤ පාර්ලිමේන්තුවේදී සම්මත විය යුතු අතර, එරට ආගන්තුක සත්කාර සහ ආපනශාලා ක්ෂේත්‍රයේ (Hospitality sector) ව්‍යාපාරිකයන් මේ සඳහා සිය විරෝධය පළ කර ඇත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














