තමන් සහ ඉරානයේ උත්තරීතර නායක මොජ්තබා කමේනි (Mojtaba Khamenei) අතර පවතින සබඳතාව සහ අදහස් හුවමාරුව දිනෙන් දින ඉහළ යමින් පවතින බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියෑන් (Masoud Pezeshkian) මහතා ප්‍රකාශ කර තිබේ.
පසුගිය පෙබරවාරි 28 වන දින ඇමරිකානු සහ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ඔහුගේ පියා වන අයටොල්ලා අලි කමේනි මියයාමෙන් පසු, එම ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ නව උත්තරීතර නායක මොජ්තබා කමේනි මෙතෙක් ප්‍රසිද්ධියේ පෙනී සිට නොමැත. ඒ හේතුවෙන් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව දැඩි අවධානයක් යොමුවී තිබිණි.
මාර්තු 8 වන දින ඉරානයේ 3 වන උත්තරීතර නායකයා ලෙස පත්වීමෙන් පසු ඔහු විසින් ලිඛිත නිවේදන කිහිපයක්ම නිකුත් කළද, ආරක්ෂක සහ සෞඛ්‍ය හේතූන් මත ඔහුගේ නව ඡායාරූපයක් හෝ හඬ පටයක් මෙතෙක් මාධ්‍ය වෙත නිකුත් කර නොමැත. කෙසේ වෙතත්, උත්තරීතර නායකයාගේ මඟපෙන්වීම යටතේ පවතින ගැටලු විසඳා ගැනීමට කටයුතු කරන බව ඉරාන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














