2026 වසරේ මුල් මාස හය තුළ යුක්‍රේනයේ සිවිල් වැසියන් මියයාම් සහ තුවාල ලැබීම් 37%කින් ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය අඟහරුවාදා (21) නිවේදනය කළේය. මෙම කාලසීමාව තුළ සිවිල් වැසියන් 1,396 දෙනෙකු මියගොස් 7,978 දෙනෙකු තුවාල ලබා ඇති අතර, මෙම තත්ත්වය 2024 වසරට සාපේක්ෂව දෙගුණයකට ආසන්න වැඩිවීමකි.
දෙපාර්ශ්වයම එල්ල කරන ඩ්‍රෝන ප්‍රහාර, දිගුදුර බැලැස්ටික් මිසයිල සහ ග්ලයිඩ් බෝම්බ (glide bombs) භාවිතය ඉහළ යාම මෙම මරණ සංඛ්‍යාව වැඩිවීමට ප්‍රධාන හේතුව ලෙස පෙන්වා දී තිබේ. විශේෂයෙන්ම කෙටිදුර ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් පමණක් ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළ පුද්ගලයින් 418 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නිරීක්ෂණ මෙහෙයුමේ ප්‍රධානී ඩැනියෙල් බෙල් (Danielle Bell) සඳහන් කළාය.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















