ඉරානය සහ එක්සත් ජනපදය අතර පවතින ගැටුම් තවදුරටත් උත්සන්න වීමත් සමඟ ඉන්ධන මිල ගණන්වල ඉදිරි වෙනස්වීම් පුරෝකථනය කිරීම ඉතා අපහසු වී ඇති බව ප්‍රංශ රජය ප්‍රකාශ කරයි.
ප්‍රංශ 2 (France 2) රූපවාහිනී සේවය වෙත අදහස් දක්වමින් ප්‍රංශ රජයේ ප්‍රකාශිකා මෝඩ් බ්‍රෙජියන් (Maud Bregeon) සඳහන් කළේ, මැදපෙරදිග පවතින උණුසුම් තත්ත්වයේ සෘජු බලපෑමක් ලෙස ඉන්ධන පිරිවැය ඉහළ යමින් පවතින බවත්, ඉදිරි දින හෝ සතිවලදී තත්ත්වය කෙසේ වෙනස් වේදැයි නිශ්චිතව පැවසීමට නොහැකි බවත්ය.
කෙසේ වෙතත්, ඉන්ධන මිල ඉහළ යාමෙන් දැඩි බලපෑමට ලක්වන ක්ෂේත්‍ර සහ ජනතාව වෙනුවෙන් රජය හඳුන්වා දී ඇති ආධාර වැඩසටහන් හරහා අගෝස්තු අවසානය දක්වා සහන ලබාගත හැකි බව ද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
















