‘Clean Sri Lanka’ ජාතික වැඩසටහනට සමගාමීව දිවයින වටා වෙරළ තීරය සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ලංකාපටුන, උල්ලක්කේනි වෙරළ තීරය ආශ්‍රිතව කඩොලාන පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් පසුගියදා සාර්ථකව පවත්වා තිබේ.
නැගෙනහිර නාවික විධානයේ ‘ශ්‍රී ලංකා නාවික නෞකා ලංකාපටුන’ ආයතනය මගින් සංවිධානය කළ මෙම වැඩසටහනේදී කඩොලාන පැළ 100ක් රෝපණය කර ඇත. වෙරළ ඛාදනය වැළැක්වීම සහ සමුද්‍ර පරිසර පද්ධතියේ තිරසාරත්වය රැකගැනීම අරමුණු කරගනිමින් පැවැත්වූ මෙම අවස්ථාව සඳහා අණදෙන නිලධාරී ඇතුළු නාවික හමුදා පිරිසක් එක්ව සිටියහ.
















