කලක් සිරිකොත සහ ඩාලි පාර කේන්ද්‍ර කරගනිමින් මෙරට පාලන බලය මෙහෙයවූ යුගය අවසන් වී, දැන් එම බලය පැලවත්ත වෙත හිමිව ඇති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.
ජනතාව ඡන්දය ලබාදී ගොඩනැගූ මෙම මහජන ව්‍යාපාරයේ සහ ආණ්ඩුවේ සියලු සැලසුම් සකස් වූයේ පැලවත්ත කේන්ද්‍ර කරගනිමින් බවත්, මීට පෙර සිරිකොතෙන් හෝ ඩාලි පාරෙන් රට පාලනය වන විට කිසිවෙකුටත් ඒ පිළිබඳ ගැටලුවක් නොවූ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත.














