‘වාරි මහිමය – අපේ උරුමය’ වැව් 1,000ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ මුලතිව්, ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයට අයත් ඔදියමලෙයි වැව ප්‍රතිසංස්කරණ කටයුතු සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබේ.
වසර ගණනාවක් නිසි නඩත්තුවක් නොමැතිව විනාශවීමේ අවදානමකට ලක්ව තිබූ මෙම වැව ප්‍රතිසංස්කරණය කිරීමෙන් ගොවි පවුල් 300කට අධික පිරිසකට ප්‍රතිලාභ හිමිවන අතර, අක්කර 150කට වැඩි භූමි ප්‍රමාණයක් යල මහ දෙකන්නයේම වගා කිරීමට අවස්ථාව සැලසේ.














