බංග්ලාදේශයේ ඩකා නුවර පැවැති 10 වැනි දකුණු ආසියානු කරාතේ ශූරතාවලියේදී රන් පදක්කම් 13ක්, රිදී පදක්කම් 23ක් සහ ලෝකඩ පදක්කම් 49ක් ඇතුළුව පදක්කම් 85ක් දිනාගත් ශ්‍රී ලංකා ජාතික කරාතේ කණ්ඩායම අද (21) පස්වරුවේ දිවයිනට පැමිණියේය.
ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් UL 190 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ කරාතේ සංගමයේ නිලධාරීන් මෙන්ම දෙමාපියන් ද එක්ව සිටියහ. මෙම තරගාවලියේදී ශ්‍රී ලාංකික පුහුණුකරුවන් 05 දෙනෙකු ආසියානු කරාතේ සම්මේලනයේ (AKF) නිල පුහුණුකරු බලපත්‍ර හිමිකර ගැනීමට ද සමත්ව තිබේ.














