ආර්ථික අර්බුදයක පසුවන පාකිස්ථානය, සිය විදේශ විනිමය සංචිත ඉහළ නංවා ගැනීමට සහ රුපියලේ අගය ස්ථාවරව පවත්වා ගැනීම සඳහා ඇමෙරිකාවෙන් ඩොලර් බිලියන 10ක හදිසි මූල්‍ය පහසුකමක් (Exchange Stabilization Facility) ඉල්ලා තිබේ.
ඉරාන යුද්ධයට අදාළ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා සඳහා පාකිස්ථානය ලබාදුන් සහයෝගයෙන් පසුව මෙම ඉල්ලීම සිදුකර ඇති අතර, මෙම මුදල හිමිවුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වැනි ආයතන මත තබන පීඩනය අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ඇමෙරිකානු භාණ්ඩාගාරය හෝ පාකිස්ථාන මුදල් අමාත්‍යාංශය තවමත් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.














