2026 වසරේ ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් වෙන්කළ රුපියල් මිලියන 25,000ක මුදලින් රුපියල් මිලියන 23,000ක් මේ වන විටත් දිස්ත්‍රික්ක වෙත බෙදා අවසන් කර ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා ප්‍රකාශ කර තිබේ.
කුඩා ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, අත්‍යවශ්‍ය අවස්ථාවන්හි ප්‍රජා සංවර්ධන වැඩකටයුතු සඳහා යෙදවීමට ඉතිරි මුදල වෙන්කර තබාගත් බවයි. තමාට වැඩි බලතල හිමිවූ දිනෙක බැඳිවැව ප්‍රදේශයේ සංවර්ධනයට වැඩි ප්‍රමුඛතාවක් ලබාදෙන බවට වූ පොරොන්දුව ඉටුකළ බවද ඔහු වැඩිදුරටත් පැවසීය.














