අමෙරිකාව සහ ඉරානය අතර හමුදාමය ගැටුම් උත්සන්න වීම හේතුවෙන් මැදපෙරදිග කලාපයේ පසුවන සිය පුරවැසියන්ට (විශේෂයෙන් කෙටි කාලීන සංචාරකයන්ට) හැකි ඉක්මනින් එම කලාපයෙන් ඉවත් වන ලෙස දකුණු කොරියානු විදේශ අමාත්‍යාංශය හදිසි උපදෙස් නිකුත් කර තිබේ.
ඉරානයේ සහ ඊශ්‍රායලයේ පිහිටි තානාපති කාර්යාල ඇතුළු කලාපයේ තානාපති කාර්යාල 17ක නිලධාරීන් සමඟ පැවැති විශේෂ සමාලෝචන සාකච්ඡාවකින් පසු දෙවැනි නියෝජ්‍ය විදේශ ඇමැති කිම් ජින්-ආ (Kim Jin-a) මහත්මිය ප්‍රකාශ කර ඇත්තේ, අත්‍යවශ්‍ය නොවන සංචාරවලින් වළකින ලෙසත්, රැඳී සිටීමට විශේෂ හදිසි හේතුවක් නොමැති නම් වහාම පිටවන ලෙසත්ය. එමෙන්ම හෝමූස් සමුද්‍ර සන්ධියේ සහ රතු මුහුදේ පවතින නාවික තත්ත්වය හමුවේ දකුණු කොරියානු නෞකාවල ආරක්ෂාව කෙරෙහි ද වැඩි අවධානයක් යොමුකර තිබේ.














