බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වන බිම්ස්ටේක් (BIMSTEC) සංවිධානයේ 5 වැනි ජාතික ආරක්ෂක ප්‍රධානීන්ගේ රැස්වීම ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල්ගේ (Ajit Doval) ප්‍රධානත්වයෙන් නවදිල්ලි නුවරදී පැවැත්වී තිබේ.
මෙම හමුව සඳහා ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, භූතානය, මියන්මාරය, නේපාලය සහ තායිලන්තය යන සාමාජික රටවල ආරක්ෂක ප්‍රධානීහු සහ නියෝජිතයෝ සහභාගී වූහ. එහිදී කලාපීය ආරක්ෂාව, සාගරික සහ බලශක්ති ආරක්ෂාව, ත්‍රස්තවාදය සහ සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම, ආපදා කළමනාකරණය මෙන්ම සන්නිවේදන සහ වෙළෙඳ සබඳතා වර්ධනය කරගැනීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.














